නරක්වූ මස් මාළු ගෙනා සැකකරුට ඇප


අම්පාර කොණ්ඩුවටුවාන යුද හමුදා කදවුරට සහ අවට කදවුරුවල නිලධාරීන්ට ලබාදීමට නරක්වූ මස් මාළු ගෙන ආ සැකකරු රුපියල් ලක්ෂ එකහමාරක ඇපමත මුදාහැරීමටත් ලොරිය අධිකරණය බාරයට ගෙන මස් මාළු විනාශ කරන ලෙසත් අම්පාර වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් දිසානායක මහතා අද නියෝග කළේය.

සැපයුම්කරු විසින් මාළු කිලෝ 136ක් හා කුකුළු මස් කිලෝ 234ක් කදවුරට ගෙනවිත් තිබිණි. මේවා ආහාරයට නුසුදුස යැයි ඇතිවූ සැකයකට අනුව කදුවුරේ නිලධාරීන් විසින් ඒ බව අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දන්වනු ලැබීය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ පරීක්ෂාකර මස් මාළු තොගය අධිකරණයට ඉදිරිපත් කළහ.

නඩු විභාගය දෙසැම්බර් මස 11 වැනි දිනට කල් තැබීය.

Sajeewa 1234 (1) ????????????????????? Sajeewa 1234 (4) ???????????????????????????????????????????